අන්තර්ජාතික මෙන් ම ඓතිහාසික නඩුවකට ශ්‍රී ලංකාවත් පැටලෙයි

හේග් හි අන්තර්ජාතික අධිකරණයේ ඓතිහාසික නඩු විභාගයක් ලෙස පැවැත්වෙන දේශගුණික අර්බුදයට බොහෝ දුරට වගකිව යුත්තේ කවුරුන් ද යන්න පිළිබඳ නඩුවට රටවල් 100කට අධික සංඛ්‍යාවක් සහ අන්තර්ජාතික සංවිධාන සමග ශ්‍රී ලංකාව ද සම්බන්ධ වී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ රජය යටතේ ඉදිරිපත් කරන ලද ලිඛිත ප්‍රකාශය සහ අදහස් පිළිබඳ පසු විපරමක් කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු නීතිපති පාරින්ද්‍ර රණසිංහ, රාජ්‍යයන් විසින් හරිතාගාර වායු විමෝචනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ‘සැළකිව යුතු හානියක්’ සිදු වී ඇති ආකාරය පිළිබඳ විස්තර කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය උපුටා දක්වමින් ඔහු තර්ක කළේ රාජ්‍යයන්ගේ වගකීම ඉන් ඔබ්බට යන බවත් 2016 දී දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික ගිවිසුම වන පැරිස් ගිවිසුමෙන් ඔබ්බට ගිය බවත් ය.

විශේෂයෙන්ම දූපත් රටවල් මුහුණ දෙන අන්තරායන් පෙන්වාදෙමින් 2023 මාර්තු මාසයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හරහා වනාටු රාජ්‍ය විසින් මෙම නඩු විභාගය මුලින් ඉදිරිපත් කරනු ලැබුවා.

හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ලෝකයේ ප්‍රධාන පරිසර දූෂකයන් ලෙස එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ඔස්ට්‍රෙලියාව, නෝර්වේ, චීනය, රුසියාව, ජර්මනිය, සෞදි අරාබිය සහ කුවේටය හඳුනාගෙන තිබෙනවා.

අන්තර්ජාතික අධිකරණයහි විනිසුරුවරුන් 15 දෙනා දේශගුණය සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා අන්තර්ජාතික නීතිය යටතේ එම රටවල බැඳීම් තක්සේරු කරනු ඇති.

පලස්තීන රාජ්‍යය අන්තර්ජාතික අධිකරණයේ දී සඳහන් කළේ කලාපයේ යුද්ධයෙන් මිනිසුන් විසින් සාදන ලද විනාශය හරහා දේශගුණික විපර්යාසවලට ඊශ්‍රායලය වගකිව යුතු බවයි.

සෞඛ්‍ය පිළිබඳ අන්තර්ජාතික සම්මුතීන් සහ සෞඛ්‍ය සඳහා ඇති අයිතිය සහතික කිරීමට රාජ්‍යයන්ගේ බැඳීම පිළිබඳ හිටපු ශ්‍රී ලංකා නීතිපතිවරයා සඳහන් කළා.

මෙම සෞඛ්‍ය අයිතියට සම්බන්ධ වන්නේ ආරක්ෂිත, පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර පරිසරයක් සඳහා ඇති අයිතිය බවත්, එමඟින් ජීවත්වීමේ අයිතිය බවත් ඔහු පැවසුවා.

අනෙකුත් රාජ්‍යයන්ගේ අයිතිවාසිකම්වලට පටහැනි ක්‍රියාවන් සඳහා දැනුවත්ව තම බලප්‍රදේශ භාවිත කිරීමට ඉඩ නොතැබිය යුතු බවට රාජ්‍යයන් විසින් බැඳී සිටින බව රණසිංහ සඳහන් කළා.

මෙය අන්තර්ජාතික නීතියේ ස්වාධීන පොදු මූලධර්මයක් වන දේශසීමා වගකීමක් බව ඔහු පැවසුවා.

ශ්‍රී ලංකාවේ හිටපු අන්තර්ජාතික අධිකරණය විනිසුරු ආචාර්ය ක්‍රිස් වීරමන්ත්‍රි විසින් උපුටා දක්වන ලද බුද්ධ දේශනාව ගැන සඳහන් කරමින් නීතිපතිවරයා පැවසුවේ මෙම දේශනාව නූතන පාරිසරික නීතියේ පළමු මූලධර්මය වන පෘථිවියේ සම්පත් භාරකාරත්වයේ මූලධර්මය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
6
+1
1
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10