Empty Ad
AFC Banner
Empty Ad

අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන අතිසාර්ථකව ඉන්දියාවේ දී

ඉන්දියාවේ පැවති පාලි හා සංස්කෘත අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහනට, ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනම නියෝජනය කරමින් සහභාගී වූ ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා එකොළොස් දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ දී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් පුරා මාසයකට අධික කාලයක් ඉන්දියාවේ බුද්ධගයා, නාලන්දා විශ්වවිද්‍යාලය, කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ පැරණි විහාරස්ථානවල අධ්‍යයන චාරිකාවල නිරත වෙමින් ථේරවාදී සහ මහායාන බෞද්ධ සම්ප්‍රදායන් අතර පවතින සම – විෂමතා හඳුනා ගැනීම සඳහා විනය, සූත්‍ර, අභිධර්ම සහ මධ්‍යම ප්‍රතිපදාව යන තේමා ඔස්සේ සිය අධ්‍යයන කටයුතුවල ද නිරත වූ බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

මෙම වැඩසටහන අතරතුර ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ බැංගලෝර් නුවර බෞද්ධ විහාරස්ථානයක් වෙත වැඩම කර සිටි දළයිළාමා තුමා දැක බලා ගැනීමේ අවස්ථාව ද මෙම භික්ෂූන් වහන්සේලා පිරිසට උදා වී තිබුණා.

මෙකී වැඩසටහනට ශ්‍රී ලංකාව, ඉන්දියාව, ටිබෙටය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, භූතානය යන රටවලින් ද භික්ෂුන් වහන්සේලා 50 දෙනෙකු පමණ වැඩම කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:29:34
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04
Video thumbnail
තරුණ කටයුතු ඇමතිට විහිළු කළාට ඇමති දීපු උත්තරේ
04:41
Video thumbnail
පිටසක්වල ජීවින් එනවා කියන බඩු නේ මේ - සජබේ නයනක දෙනවා දීමක් ඇප නැති වෙන්න
18:06
Video thumbnail
චන්දන සූරියබණ්ඩාර සුපිරි කතාවක් කරයි
03:19
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43

?