අනවසරයෙන් භුක්ති විඳින ඉඩම් නැවති පවරා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන්න (ඡායාරූප)

වතු සමාගම් අනවසරයෙන් භුක්ති විඳින ඉඩම් නැවත පවරා ගැනීමට වහාම නීති මගින් කටයුතු කරන ලෙස
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට නිර්දේශ හිමි ව තිබෙනවා.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ; ඉඩම් ප්‍රතිසංස්කරණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමග කාරක සභා හමුවේදී මේ බව දැනුම්දෙනු ලැබුවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල පදිංචිය හා භුක්තිය ලබාදීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කර සරල බවට පත් කිරීමට කාරක සභාවෙන් නිර්දේශයක් ඉදිරිපත් කිරීමටයි මෙහිදී තීරණය කෙරුණේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පතල් සඳහා දැනට ලබාදෙන පර්චස් එකක භුමි ප්‍රමාණය වැඩි කිරීමට ද මෙහිදී නිර්දේශ හිමිවුණා.

ඉන් පර්චසයකට අය කරනු ලබන බදු මුදල් සංශෝධනය කිරීමටත් කාරක සභාවෙන් යොජනා සිදු කෙරුණු අතර; 2010 ට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල පදිංචි වූ අනවසර පදිංචිකරුවන්ට ඔප්පු ලබාදීමේ දී එය 2021 වසරට
පෙර දක්වා ලෙස දිගු කිරීමට නිර්දේශ රාජ්‍ය වැවිලි සංස්ථාවට හෝ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ගැසට් නිවේදනයක් මගින් පවරා නොදුන් ඉඩම් අක්කර දහස් ගණනක් වතු සමාගම් විසින් අත්පත් කරගෙන ඇති බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අනාවරණය කළා.

ඒ අනුව වතු සමාගම් වලට නොපවරන ලද, වතු සමාගම් බලහත්කාරයෙන් භුක්ති විඳින,ඉඩම් වහාම අත්පත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙස ද උපදෙස් දෙනු ලැබුවා.

දැනට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව නිදහස්ව පවතින ඉඩම් අක්කර 7,000ක් පමණක් බව එම කොමිසමේ නිලධාරීහු කාරක සභාවට දන්වා සිටියා.

SOC Alleviating the Impact of the Economic Crisis 20240711 5
SOC Alleviating the Impact of the Economic Crisis 20240711 6
SOC Alleviating the Impact of the Economic Crisis 20240711 7
SOC Alleviating the Impact of the Economic Crisis 20240711 3
SOC Alleviating the Impact of the Economic Crisis 20240711 2
SOC Alleviating the Impact of the Economic Crisis 20240711 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
1000 CC වාහනවල බදු අඩු කරන ලෙස වාහන ආනයන කරුවන්ගෙන් ඉල්ලීම්
08:12
Video thumbnail
වැලිගම ත්‍රීරෝද රථ රියදුරන් විරෝධතාවක
03:05
Video thumbnail
වනඅලියෙකු වැ# සිදුවූ බිහිසුණු අනතුරෙන් අලියා එතනම එළොව යයි..පුද්ගලයින් දෙදෙනෙක් තුවාලා ලබා රෝහලේ
01:37
Video thumbnail
රට්ටුන්ට විහිළුවක් වෙන්න එපා ජනාධිපති සහෝදරයා..ඔයාලා අසාර්ථකයි..තිබ්බ රට අපිට ලබා දෙන්න
03:12
Video thumbnail
මේ ආණ්ඩුවේ තරම් කිසිම කාලේක මාධ්‍යට නිදහසක් තිබුණේ නෑ
05:24
Video thumbnail
"කැක්කුම" සංවිධානයෙන් පැලවත්තට ඖෂධ තොගයක්..
03:03
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුව ගැන සොහොන් ලකුණු කියයි..පාලනය තිබ්බත් ඒක අංශභාග පාලනයක් මිස සැබෑ පාලනයක් නෙවෙයි
05:48
Video thumbnail
"අනුර කුමාර, අපි හැප්පිලාම බලමු..ඔයා ගෞරවාන්විතව ආණ්ඩුව දීලා ගෙදර යන්න"
02:37
Video thumbnail
ගම්මන්පිල හොඳම එකෙන් දෙසයි..අද රටේ පාලකයා අනුර දිසානායකද හිට්ලර් දිසානායකද?
06:42
Video thumbnail
මන්ත්‍රී ශාන්තගේ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව කරපු වැඩක්..ඒකාධිපති පාලනය මීට වඩා හොඳයි
04:17


?