අනවසරයෙන් භුක්ති විඳින ඉඩම් නැවති පවරා ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන්න (ඡායාරූප)

වතු සමාගම් අනවසරයෙන් භුක්ති විඳින ඉඩම් නැවත පවරා ගැනීමට වහාම නීති මගින් කටයුතු කරන ලෙස
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට නිර්දේශ හිමි ව තිබෙනවා.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ; ඉඩම් ප්‍රතිසංස්කරණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමග කාරක සභා හමුවේදී මේ බව දැනුම්දෙනු ලැබුවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල පදිංචිය හා භුක්තිය ලබාදීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කර සරල බවට පත් කිරීමට කාරක සභාවෙන් නිර්දේශයක් ඉදිරිපත් කිරීමටයි මෙහිදී තීරණය කෙරුණේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පතල් සඳහා දැනට ලබාදෙන පර්චස් එකක භුමි ප්‍රමාණය වැඩි කිරීමට ද මෙහිදී නිර්දේශ හිමිවුණා.

ඉන් පර්චසයකට අය කරනු ලබන බදු මුදල් සංශෝධනය කිරීමටත් කාරක සභාවෙන් යොජනා සිදු කෙරුණු අතර; 2010 ට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල පදිංචි වූ අනවසර පදිංචිකරුවන්ට ඔප්පු ලබාදීමේ දී එය 2021 වසරට
පෙර දක්වා ලෙස දිගු කිරීමට නිර්දේශ රාජ්‍ය වැවිලි සංස්ථාවට හෝ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ගැසට් නිවේදනයක් මගින් පවරා නොදුන් ඉඩම් අක්කර දහස් ගණනක් වතු සමාගම් විසින් අත්පත් කරගෙන ඇති බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අනාවරණය කළා.

ඒ අනුව වතු සමාගම් වලට නොපවරන ලද, වතු සමාගම් බලහත්කාරයෙන් භුක්ති විඳින,ඉඩම් වහාම අත්පත්කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙස ද උපදෙස් දෙනු ලැබුවා.

දැනට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව නිදහස්ව පවතින ඉඩම් අක්කර 7,000ක් පමණක් බව එම කොමිසමේ නිලධාරීහු කාරක සභාවට දන්වා සිටියා.

SOC Alleviating the Impact of the Economic Crisis 20240711 5
SOC Alleviating the Impact of the Economic Crisis 20240711 6
SOC Alleviating the Impact of the Economic Crisis 20240711 7
SOC Alleviating the Impact of the Economic Crisis 20240711 3
SOC Alleviating the Impact of the Economic Crisis 20240711 2
SOC Alleviating the Impact of the Economic Crisis 20240711 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10