අනවශ්‍ය වෙලාවක හෙල්මට් දාගෙන සිටින පිරිස් ගැන පොලිසියේ වැඩි අවධානයක් යොමු වෙයි

යම් කිසි තැනැත්තෙකු ආරක්ෂිත හිස් වැසුම් පැළඳ පොදු ස්ථානවල සැක සහිත ලෙස හැසිරෙන්නේ නම්, එම පුද්ගලයින් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසියට අවසර හිමි ව තිබෙනවා.

අද (24) පෙරවරුවේ මෙම අවසරය ලබා දීම පිළිබඳ ව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන පරිදි එලෙස අවසරයක් ලබා දී ඇත්තේ මීට පෙර දිවයිනේ සිදු වූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් ම සිදු කිරීමට ආ සැකකරුවන් හිස හා මුහුණ සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අදාළ වෙඩි තැබීම් හා අපරාධ සිදු කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.

හිස් වැසුම් පැළඳ සිටීම සිදු කළ යුත්තේ කිසිවෙකු යතුරුපැදියක ගමන් කරමින් සිටියදී පැදිකරුගේ හා පසුපැදිකරුගේ ාඅරක්ෂාව සඳහා පමණක් බවත් පොලිසිය සඳහන් කරනවා.

එබැවින් යම් පුද්ගලයෙකු යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවක දී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැක කටයුතු ලෙස හැසිරෙන බව නිරීක්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරීක්ෂා කිරීම සිදු කළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58