Empty Ad
AFC Banner
AFC Banner

අනවශ්‍ය ලෙස ලුණු, ගෙවල්වල රැස් කරගන්න එපා – ලුණු සමාගමේ සභාපති

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස ටී.නන්දන තිලක ඊයේ (28) වැඩ භාරගත්තා.

මේ අතර නව සභාපතිවරයා අද (29) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවමින් රට තුළ පවතින ලුණු ගැටලුව පිළිබඳව අදහස් දක්වා සිටියා.

මේ වන විට හම්බන්තොට ලේවාය සතුව ලුණු ලේවායන් 03ක් ඇති බවත්, ඒවායින් ජනවාරි මස මැද වනතුරු රටට ලුණු සැපයීමේ හැකියාවක් ඇති බවත් ඔහු සඳහන් කළා.

රට තුළ ලුණු හිඟයක් ඇති වී ඇත්නම් එම තත්ත්වයට මුහුණදීමේ හැකියාව දැනට ලුණු සමාගම සතු පවතින බවත්, ජනතාවට බිය නොවී අනවශ්‍ය ලෙස ලුණු එක් රැස්කර ගැනීම සිදුනොකරන ලෙසත් ඔහු මෙහිදී දැනුම් දුන්නා.

එමෙන්ම දැනට වසා දමා ඇති ලුණු ලේවායවල් කිහිපයක් රට තුළ ඇති බවත්, ඒවා ඉදිරියේ දී සංවර්ධනය කිරීම සඳහා නව වැඩපිළිවෙළක් යොදා ඇති බවත් කී සභාපතිවරයා ලුණු ලේවාය තුළ ඇතිව තිබෙන දූෂණ,අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට නියමිත බවයි පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?