AFC Banner
Empty Ad
Empty Ad

අනතුරු තුනක් සිදු කළ වෑන් රථ රියදුරෙකු හදිසියේ රෝගී වී මිය යයි

ධාවනයෙන් තිබූ වෑන් රථයක් කොට්ටාව – පින්හේන හන්දිය ආසන්නයේ දී වාහන තුනක වරින්වර ගැටීමෙන් අනතුරුව මඳ වේලාවකට පසු වෑන් රථ රියදුරු හදිසියේ රෝගී වී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ කොට්ටාව – දීපංගොඩ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්.

කොට්ටාව සිට මත්තේගොඩට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අනෙකුත් වාහනවලට ඉස්සර කරමින් ධාවනය කරමින් සිටියදී සුඛෝපභෝගී ජීප් රථයක බඳ කොටසේ ගැටී ඉදිරියෙන් ධාවනය වූ කුඩා වෑන් රථයක ද පිටුපස ගැටී අනතුරුව දකුණට හැරී කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක ද ගැටී තිබෙනවා.

එහිදී අවට සිටි පිරිස් වෑන් රථය අසලට රැස්වී ඔහුට දොස් පවරමින් ඇති අතර මඳ වේලාවක දී රියදුරු රෝගී වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

රෝගී වූ රියදුරු 1990 සුවසැරිය ගිලන් රථයෙන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?