අනතුරු තුනක් සිදු කළ වෑන් රථ රියදුරෙකු හදිසියේ රෝගී වී මිය යයි

ධාවනයෙන් තිබූ වෑන් රථයක් කොට්ටාව – පින්හේන හන්දිය ආසන්නයේ දී වාහන තුනක වරින්වර ගැටීමෙන් අනතුරුව මඳ වේලාවකට පසු වෑන් රථ රියදුරු හදිසියේ රෝගී වී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ කොට්ටාව – දීපංගොඩ ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්.

කොට්ටාව සිට මත්තේගොඩට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අනෙකුත් වාහනවලට ඉස්සර කරමින් ධාවනය කරමින් සිටියදී සුඛෝපභෝගී ජීප් රථයක බඳ කොටසේ ගැටී ඉදිරියෙන් ධාවනය වූ කුඩා වෑන් රථයක ද පිටුපස ගැටී අනතුරුව දකුණට හැරී කොට්ටාව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක ද ගැටී තිබෙනවා.

එහිදී අවට සිටි පිරිස් වෑන් රථය අසලට රැස්වී ඔහුට දොස් පවරමින් ඇති අතර මඳ වේලාවක දී රියදුරු රෝගී වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

රෝගී වූ රියදුරු 1990 සුවසැරිය ගිලන් රථයෙන් හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34