AFC Banner
AFC Banner
Empty Ad

අනතුරු අඟවා ඇති භූ කම්පනය ගැන විශේෂඥ කණ්ඩායමක් විශේෂ සාකච්ඡාවක

හිමාලය හෝ ඉන්දියාවේ උතුරු දිග ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් සිදුවිය හැකි බවට සිදුකරන උපකල්පන මත මෙරටට ඇති බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට විශේෂඥ කණ්ඩායමක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී අද (27) පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් එක්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ ඒකක 08 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක බලපෑම නුදුරු අනාගතයේදී එල්ල විය හැකි බවට භූගර්භ විද්‍යාඥයින් පසුගිය දා අනතුරු ඇඟවීමක් සිදුකළා.

මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට ද බලපෑම් එල්ල වනු ඇති බවටයි ඔවුන් අනතුරු අඟවා තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?