අනතුරකින් ළමයින් තිදෙනෙකුට තුවාල

ඔඩ්ඩුසුඩාන් – පුදුකුඩිඉරිප්පු මාර්ගයේ මන්නකණ්ඩල් ප්‍රදේශයේදී ඊයේ (13) සවස සිදුවු අනතුරකින් දරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අනතුරට පත් වාහන රැගෙන යන ලොරි රථයක රැගෙන ගිය කුඩා ලොරියක කැඩීගිය කොටසක් මාර්ගයේ ගමන්ගත් දරුවන් තිදෙනෙකුගේ ගැටී ඇති බවයි.

අනතුරින් වයස අවුරුදු 10 ත් 12 ත් අතර දරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා වවුනියාව හා යාපනය රෝහල් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් කර තිබෙනවා.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (13) දහවල් කානුවකට වැටීමෙන් අනතුරට පත් වූ කුඩා ලොරියක් රැගෙන යන අවස්ථාවේ එහි කොටස් මාර්ගයේ ගමන්ගත් දරුවන් තිදෙනාගේ වැදී ඇති බවටයි මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධියෙන් කෝපයට පත් ගම්මාවාසීන් අනතුර සිදු කළ ලොරි රථයේ රියදුරු හා ලොරි රථයට ගිනි තැබීමට උත්සහ කර ඇති පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ මහත් පරිශ්‍රමයක් දරා තත්වය සමතයකට පත්කොට තිබුණා.

අනතුර සිදු කළ සැකකරු පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අද (14) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47