අනතුරකින් ළමයින් තිදෙනෙකුට තුවාල

ඔඩ්ඩුසුඩාන් – පුදුකුඩිඉරිප්පු මාර්ගයේ මන්නකණ්ඩල් ප්‍රදේශයේදී ඊයේ (13) සවස සිදුවු අනතුරකින් දරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අනතුරට පත් වාහන රැගෙන යන ලොරි රථයක රැගෙන ගිය කුඩා ලොරියක කැඩීගිය කොටසක් මාර්ගයේ ගමන්ගත් දරුවන් තිදෙනෙකුගේ ගැටී ඇති බවයි.

අනතුරින් වයස අවුරුදු 10 ත් 12 ත් අතර දරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා වවුනියාව හා යාපනය රෝහල් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළත් කර තිබෙනවා.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (13) දහවල් කානුවකට වැටීමෙන් අනතුරට පත් වූ කුඩා ලොරියක් රැගෙන යන අවස්ථාවේ එහි කොටස් මාර්ගයේ ගමන්ගත් දරුවන් තිදෙනාගේ වැදී ඇති බවටයි මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධියෙන් කෝපයට පත් ගම්මාවාසීන් අනතුර සිදු කළ ලොරි රථයේ රියදුරු හා ලොරි රථයට ගිනි තැබීමට උත්සහ කර ඇති පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ මහත් පරිශ්‍රමයක් දරා තත්වය සමතයකට පත්කොට තිබුණා.

අනතුර සිදු කළ සැකකරු පුදුකුඩිඉරිප්පු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු අද (14) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?