AFC Banner
AFC Banner
Empty Ad

අධික වැසි සමඟ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්වත් කිරීමක්

පසුගිය පැය 24 තුළ ඇති වූ වර්ෂාපතනය අනුව මාතලේ දිස්ත්‍රික්කයට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට වැඩි වර්ෂාපතනයක් පතිත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ සඳහන් කළේ බදුල්ල සහ රත්නපුර ප්‍රදේශවලටත් නාය යාම් අවදානම් ඇතිව ඇති බවයි.

උල්හිටිය, නුවර වැව, රාජාංගනය, කලාවැව, වෙහෙරගල, උනච්චයි, මොරගහකන්ද ඇතුළු තවත් වැව් සහ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාවට දැනුම්දීමක් කරනවා.

මීට අමතරව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ද වාන් දොරටු ද අද (29) දහවල් වන විට විවෘත කිරීමට සිදුවන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

එවැනි තත්ත්වයක් සිදුවුව හොත් ගල්ලෑල්ල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙන බව සඳහන් කළ ඔහු එම ප්‍රදේශයේ මාර්ග වසා දැමීමට සිදුවන බව ද පැවසුවා.

මේ අතර මහවැලි ගඟ පිටාර ගැලීම සෝමාවතිය ප්‍රදේශය නැවතත් ජලයෙන් යට වී ඇති අතර, සෝමාවතිය පුදබිම වන්දනාමාන කිරීමට පැමිණීමෙන් වළකින ලෙස ද දැනුම් දෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශයේ පවුල් පනහක් පමණ සහන මධ්‍යස්ථාන වෙත හෝ වෙනත් ස්ථාන වෙත ඉවත් කිරීමේ කටයුතුවලට යෙදී සිටින බවයි වාර්තා වුණේ.

ඊට අමතරව බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල නාය යාමේ අවදානම් මත බදුල දිස්ත්‍රික්කයේ පවුල් එකසිය තිහක්, රත්නපුර දිස්ත්‍රික්කය පවුල් හයක් සහන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

ඉදිරි පැය 24 තුළ පොළොන්නරුව මාතලේ යන දිස්ත්‍රික්කවල වර්ෂාපතනය තව දුරටත් වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි.

සුළං සහිත වර්ෂාපතනය පවතින විට ගස් කඩාකැවටීමේ අවදානමක් ඇති බවයි ආපදා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ලෙස ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?