අධික වර්ෂාපතනයයෙන් ගමනාගමනයට බාධා

වර්ෂාවත් සමග කොළඹ කිංසි පාර, නොරිස් කැනල්, ග්‍රෑන්ඩ්පාස්, කොටහේන, තුන්මුල්ල හන්දිය ඇතුළු ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී තිබේ.මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(26) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අද දිනයේ මිලිමීටර් 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බවය.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට එලෙස වැසි පවතින බව නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !