අධික උණුසුමෙන් පුද්ගලයෙකු මිය යයි

අකුරැස්ස, දීගල දානමය පිංකමකට සභාගී වී පැමිණෙමින් සිටි පුද්ලයෙකු පෝරඹදී යතුරුපැදියේ හුළං බැස ඇති නිසා යතුරුපැදිය තල්ලු කරමින් අකුරැස්ස නගරය දෙසට පැමිණෙද්දී රස්නයත් මහන්සියත් හේතුවෙන් ඇද වැටී මිය ගොස් ඇති බව මරණකරුගේ බිරිඳ පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 72 හැවිරිදි ව්‍යාපාරික සිව්දරු පියෙකි.

වසර කිහිපයක සිට හෘද රෝගියකු ලෙස ප්‍රතිකාර ලබා ගත්තත් මිය යාමට තරම් දරුණු ආබාධ තත්ත්වයක් නොතිබුණු ව්‍යාපාරිකයා පිංකම් ගෙදරින් ආහාර ගෙන සිය බිරිඳ සමඟ හන්දෙගොඩ සිට තෙලිජ්ජවිල නිවසට යන අතරතුර මෙම මරණය සිදුව ඇතැයි පොලිසිය පවසනවා.

කිලෝමීටර් කීපයක් තවත් නෑදෑ පිරිසක් එක්ව පැමිණ මාර්ගයේ ස්ථානයක නැවතී ආහාර ගෙන මද දුරක් පැමිණෙද්දී යතුරුපැදියේ හුළං බැස ඇති බවත් අනතුරුව බිරිද බස් රථයක නැගී නිවසට යමින් සිට ඇති බවත් ව්‍යාපාරිකයා යතුරුපැදිය කිලෝමීටර්යකට වැඩි දුරක් අධික උණුසුම් කාලගුණය නොතකා පාගමනින්ම තල්ලුකරගෙන රැගෙන යන අයුරු පෝරඹ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ආරක්ෂක කැමරාවේ සටහන්ව තිබෙනවා.

පසුව ඔහු ඇදවැටී මහාමාර්ගය අසලම මියගොස් තිබුණා.

1990 ගිලන් රථය පැමිණියත් ඒ වන විටත් ඔහු මියගොස් ඇති බැවින් හදිසි මරණ පරීක්ෂණය පවත්වා දේහය මාතර මහ රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කර තිබෙනවා.

මාතර මූලික රෝහලේ සිදුකළ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හෘදයේ සෛල මිය යාමකින් සිදුවූ මරණයක් බවට සහතික කර ඇතැයි අකුරැස්ස පොලිසිය පවසනවා.

පවතින දැඩි උණුසුම් කාලගුණය හමුවේ විශේෂයෙන්ම රෝගීන් වෙහෙසකර කටයුතුවලින් ඈත් වී සිටීමෙන් මෙවැනි හදිසි මියයෑම් අවම කර ගැනීමට හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
9
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08