අධිකරණ නිලධාරීන්ට බාධා කළ නීතිඥයා අත්අඩංගුවට

අධිකරණ නියෝගයකට අවනත නොවී අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අවුරුදු 39ක නීතිඥවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

වැල්ලවත්ත පොලිස් වසමේ කවිරත්න ප්‍ර දේශයේ නිවසක භුක්තිය සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී ඔවුන්ගේ රාජකාරියට මෙම නීතිඥවරයා බාධා කර තිබේ.

ඒ අනුව අධිකරණ නිලධාරීන් ඉදිරිපත් කළ පැමිණිල්ලකින් පසුව අවුරුදු 39ක් වන සැකකාර නීතිඥවරයා අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් සැකකාර නීතිඥවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?