අධිකරණය මගහැර සිටි රජිත අසන්තට රුපියල් ලක්ෂ 90 දඩයක්

අධිකරණය මගහැර සිටින රජිත අසන්ත නමැති විත්තිකරුගේ ඇපකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කර තිබෙනවා.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් ලක්ෂ 100කට අධික වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ රජිත අසන්ත චෝදනා ලබා සිටින බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අද (22) එකී දඩය නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අදාළ විත්තිකරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් තුෂාර ඉන්ද්‍රජිත්, අමිල ප්‍රනාන්දු සහ මොහොමඩ් ඉක්‍රම් යන පුද්ගලයින් තුන්දෙනා විත්තිකරුගේ ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී තිබුණා.

ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ඇප බැඳුම්කරවලට අත්සන් කර තිබූ බවත් නඩුවේ විභාගයේ දී අනාවරණය වුණා.

එහිදි විත්තිකරු අධිකරණය මගහැර පළ ගොස් සිටීම හේතුවෙන් එම ඇපකරුවන් තුන්දෙනා අධිකරණය හමුවට කැඳවනු ලැබූ බවයි වාර්තා වන්නේ.

ඒ අවස්ථාවේ දී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ යම් පුද්ගලයෙකු සැකකරුවකු හෝ විත්තිකරුවකු වෙනුවෙන් ඇපකරුවකු වශයෙන් ඉදිරිපත් වන්නේ නම් එම විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ ඇපකරු නීතියෙන් බැඳී සිටින බවයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඇපකරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය විධිවිධානයන්ට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම නඩුවේ විත්තිකරු ඉදිරිපත් කිරීමට ඔහුගේ ඇපකරුවන් අපොහොසත් වීම නිසා එක් එක් ඇපකරුට රුපියල් ලක්ෂ 30 බැගින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කරන බව එහිදී විනිසුරුවරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10