AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණය මගහැර සිටි රජිත අසන්තට රුපියල් ලක්ෂ 90 දඩයක්

අධිකරණය මගහැර සිටින රජිත අසන්ත නමැති විත්තිකරුගේ ඇපකරුවන් තිදෙනාට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කර තිබෙනවා.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් ලක්ෂ 100කට අධික වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ රජිත අසන්ත චෝදනා ලබා සිටින බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අද (22) එකී දඩය නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අදාළ විත්තිකරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් තුෂාර ඉන්ද්‍රජිත්, අමිල ප්‍රනාන්දු සහ මොහොමඩ් ඉක්‍රම් යන පුද්ගලයින් තුන්දෙනා විත්තිකරුගේ ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී තිබුණා.

ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ඇප බැඳුම්කරවලට අත්සන් කර තිබූ බවත් නඩුවේ විභාගයේ දී අනාවරණය වුණා.

එහිදි විත්තිකරු අධිකරණය මගහැර පළ ගොස් සිටීම හේතුවෙන් එම ඇපකරුවන් තුන්දෙනා අධිකරණය හමුවට කැඳවනු ලැබූ බවයි වාර්තා වන්නේ.

ඒ අවස්ථාවේ දී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ යම් පුද්ගලයෙකු සැකකරුවකු හෝ විත්තිකරුවකු වෙනුවෙන් ඇපකරුවකු වශයෙන් ඉදිරිපත් වන්නේ නම් එම විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාළ ඇපකරු නීතියෙන් බැඳී සිටින බවයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඇපකරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය විධිවිධානයන්ට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම නඩුවේ විත්තිකරු ඉදිරිපත් කිරීමට ඔහුගේ ඇපකරුවන් අපොහොසත් වීම නිසා එක් එක් ඇපකරුට රුපියල් ලක්ෂ 30 බැගින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කරන බව එහිදී විනිසුරුවරයා නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් මාධ්‍යට - ගෝඨාභයගේ හිටපු ලේඛම් සියල්ල වමාරයි
12:56
Video thumbnail
i Phone 16 ඔයාටත් ගන්න ඕනිද ? මෙන්න මිළදී ගන්න ඔබටත් අවස්ථාවක්
01:20
Video thumbnail
තමන්ගේ වේදිකාවේ ඉන්න අය ආරක්ෂා කරගන්න සමස්ථ වාර්ථාවක් විසිකරන්න ලෑස්ති වෙන්න එපා
06:49
Video thumbnail
ගම්මන්පිලට වැඩ වරදී - ටිල්වින් සැර ප්‍රකාශයක් කරයි
07:29
Video thumbnail
ගම්මන්පිලගෙ වාර්ථාව බොරුනම් - හදපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න #pasku
04:33
Video thumbnail
Breaking News🛑හර්ෂ ජනපති අනුර සමග එකතුවෙයි - හර්ෂ කළ විශේෂ ප්‍රකාශය මෙන්න
06:55
Video thumbnail
බස් රථ දෙකක් එකිනෙකට ගැටී සිදුවූ බිහිසුණු අනතුර - 27කට තුවාල...03දෙනෙකුට බරපතලයි...
01:03
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිව අන්දන්න හදනවා
02:42
Video thumbnail
අපේ යුතුකම අපි අවංකව ඉෂ්ඨ කළා
06:57
Video thumbnail
අලුත් පාස්පෝර්ට් එකේ අමුතු අමුතු සෙල්ලම් එළියට - ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්න රිදෙන්නම කියයි
03:33

?