අධිකරණය ඉදිරිපත් කළ පාතාලේ ‘මිදිගම රුවන්’ රක්ෂිත බන්ධනාගාරයට

රැඳවුම් නියෝග මත රැඳවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ නැමැත්තා අද (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

කොළඹ ත්‍රස්තවාදී විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ මොහු ලබන මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

‘මිදිගම රුවන්’ සැළකෙන්නේ පාතාල කල්ලි නායක නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යෑමට සැලසුම සකස් කළ පුද්ගලයා ලෙසයි.

මොහු ඩුබායි හි සමාජ ශාලාවක ඇති කර ගත් ගැටුමක දී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන ලැයිස්තුවේ නම සඳහන් අපරාධකරුවෙක් ද වනවා.

කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයෙක් යටතේ විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් අත්අඩංගුවේ පසු වූ මිදිගම රුවන් මැයි 31 වනදා මෙරටට රැගෙන ඒමට කටයුතු කර තිබුණා.

ඉන් අනතුරුවයි ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?