AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණයේ නඩු භාණ්ඩ පුද්ගලිකව පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සැරසෙයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හෙරොයින් කිලෝ 12ක් අස්ථාන ගත වීම හේතු ⁣කොට ගෙන අධිකරණයේ ඇති සියලුම නඩු ⁣ගොනු සහ ඊට අදාළ නඩු භාණ්ඩ පුද්ගලිකව පරීක්ෂා කරන බව ⁣කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අධිකරණ නිලධාරීන් දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව සියලුම මත්ද්‍රව්‍ය, විදේශීය මත්පැන්, රත්තරන් ඇතුළු සියලුම නඩු භාණ්ඩ අද (03) සිට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ පුද්ගලික මැදිහත් විමෙන් පරීක්ෂා කිරීමට නියමිතයි.

එමෙන්ම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා යටතේ ඇති අනෙකුත් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණවල ද ඉදිරි දිනවල දී මෙලෙස නඩු භාණ්ඩ නඩු ගොනු පරීක්ෂා කරන බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පළමු පියවර ලෙස ඊයේ නඩු භාණ්ඩවලට අදාළ ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස ද රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කර තිබෙනවා.

ඒ, අනුව ඉදිරි දින කිහිපය තුළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
1
+1
79
+1
6
+1
2
+1
4
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?