AFC Banner
AFC Banner
Empty Ad

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි නීතිඥයාට ඇප

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩ තහනමට ලක්ව සිටින නීතිඥවරයෙකු වන සුසිල් ජයතුංග ඇප මත මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අනුව, එම පුද්ගලයා රුපියල් ලක්ෂ පහක පුද්ගලික ඇප මත මුදා හැරීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සෑම මසකම පළමු සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටර්වරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටත් නියෝග කළා.

එමෙන්ම සෑම මසකම දෙවන සහ හතර වන සඳුදා පොළොන්නරුව මහාධිකරණ රේජිස්ට්‍රාර්වරයා හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවත් මෙම ඇප කොන්දේසි කඩ කළොත් යළි ඇප වලංගු කොට රක්ෂිත බන්ධනාගත කරන බවත් නියෝග කළා.

සානුකම්පිත හේතුන් පදනම් කරගෙන මෙම ඇපය නියම කරන බවයි විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?