AFC Banner
Empty Ad
Empty Ad

අද සිට පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබා ගත හැකි ස්ථාන

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රට පුරා පිහිටි ඩිපෝ 45 කින් පෞද්ගලික බස්රථවලට ඉන්ධන සැපයීම අද (05) පෙරවරුවේ සිට ආරම්භ කළ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.

අද සවස්වරුව වන විට සෙසු ඩිපෝවලටත් ඉන්ධන සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවත් එමගින් පෞද්ගලික බස්රථ සහ සංචාරක ක්ෂේත්‍රයේ නිරත රථවලට ඉන්ධන සැපයිය හැකි බවත් ඔහු පැවසුවේ.

2022.03.05 පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබාගත හැකි ඩිපෝ :

කොළඹ – හෝමාගම, මොරටුව, මීතොටමුල්ල, තලංගම, උඩහමුල්ල

ගම්පහ – ජාඇල, කිරිදිවැල, කඩවත, නිට්ටඹුව

කලුතර – අලුත්ගම, හොරණ, කලුතර, මතුගම

නුවර – මහනුවර දකුණ, උඩුදුම්බර.

රුහුණ – අම්බලන්ගොඩ, අකුරැස්ස, ඇල්පිටිය, හක්මණ, මාතර, උඩුගම, කතරගම, තංගල්ල

නුවරඑළිය – හඟුරන්කෙත

සබරගමුව – දැරණියගල, ඇඹිලිපිටිය, ගොඩකවෙල, කලවාන

ඌව – මොණරාගල, වැල්ලවාය

වයඹ – කුලියාපිටිය, නිකවැරටිය, ගල්ගමුව

රජරට – අනුරාධපුරය, දඹුල්ල, හොරෝපතාන, කැබිතිගොල්ලෑව, පොළොන්නරුව

උතුර – කරේනගර්, යාපනය, කිලිනොච්චිය

නැගෙනහිර – මඩකලපුව, කලවන්චිකුඩි, කාත්තාන්කුඩි, මුතූර්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?