අද සිට දිල්ලියට රුපියල් 25ට ලොකු ලූනු

අද (21) දිනයේ සිට නව දිල්ලියේ පාරිභෝගික ජනතාවට ලොකු ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 25.00ක සහනාධාර මිලකට අලෙවි කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ජංගම වෑන් රථ සහ සිල්ලර අලෙවිසැල් හරහා අද දිනයේ සිට මෙම සහනදායී මිලට ලොකු ලූනු අලෙවි කිරීම අරඹන බවයි ඉන්දියානු ජාතික සමුපකාර පාරිභෝගික සම්මේලනය සඳහන් කළේ.

නව දිල්ලියෙන් අරඹන මෙම සහනාධාර මිලකට ලූනු අලෙවි කිරීමේ ව්‍යාපෘතිය තවත් ප්‍රාන්ත හතරක ඉදිරි දින දෙක තුළ ආරම්භ වන බව එම සම්මේලනය වැඩිදුරටත් පැවසුවා.

නිල දත්තවලට අනුව ඊයේ (20) දිනය වන විට ඉන්දියාව තුළ ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 29.73ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මේ අතර ඉන්දීය රජය විසින් ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා 40%ක අපනයන බද්දක් පැනවීමට පසුගිය දා තීරණය කළා.

වෙළඳපොළ තුළ ලොකු ලූනු මිල ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගත් බවයි ඉන්දීය රජය පැවසුවේ.

මේ අතර 2023-24 මූල්‍ය වර්ෂය සඳහා රජය, ලූනු ටොන් ලක්ෂ 03ක ආරක්ෂිත තොගයක් නිර්මාණය කර ඇති අතර, මෙම වසරේ රක්ෂිත තොගය සඳහා අමතර ලූනු ටොන් ලක්ෂ 02ක් මිලදී ගැනීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
8
+1
5
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10