AFC Banner
AFC Banner
Empty Ad

අද සිට දිල්ලියට රුපියල් 25ට ලොකු ලූනු

අද (21) දිනයේ සිට නව දිල්ලියේ පාරිභෝගික ජනතාවට ලොකු ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 25.00ක සහනාධාර මිලකට අලෙවි කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව ජංගම වෑන් රථ සහ සිල්ලර අලෙවිසැල් හරහා අද දිනයේ සිට මෙම සහනදායී මිලට ලොකු ලූනු අලෙවි කිරීම අරඹන බවයි ඉන්දියානු ජාතික සමුපකාර පාරිභෝගික සම්මේලනය සඳහන් කළේ.

නව දිල්ලියෙන් අරඹන මෙම සහනාධාර මිලකට ලූනු අලෙවි කිරීමේ ව්‍යාපෘතිය තවත් ප්‍රාන්ත හතරක ඉදිරි දින දෙක තුළ ආරම්භ වන බව එම සම්මේලනය වැඩිදුරටත් පැවසුවා.

නිල දත්තවලට අනුව ඊයේ (20) දිනය වන විට ඉන්දියාව තුළ ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 29.73ක් ලෙස වාර්තා වී තිබෙනවා.

මේ අතර ඉන්දීය රජය විසින් ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා 40%ක අපනයන බද්දක් පැනවීමට පසුගිය දා තීරණය කළා.

වෙළඳපොළ තුළ ලොකු ලූනු මිල ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගත් බවයි ඉන්දීය රජය පැවසුවේ.

මේ අතර 2023-24 මූල්‍ය වර්ෂය සඳහා රජය, ලූනු ටොන් ලක්ෂ 03ක ආරක්ෂිත තොගයක් නිර්මාණය කර ඇති අතර, මෙම වසරේ රක්ෂිත තොගය සඳහා අමතර ලූනු ටොන් ලක්ෂ 02ක් මිලදී ගැනීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
8
+1
5
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?