අද රට කරවන්නේ අනුරාධපුරේ ඉන්න කාන්තාවක් හිරුණිකා සියල්ල හෙලිකරයි

ඉදිරි වසර රටට මෙන්ම සමගි ජන බලවේගයටත් තීරණාත්මක බවත්,මෙම වසරේ රාජපක්ෂ පාලනයේ විනාශය ලියවුණත් රාජපක්ෂ පවුලේ පාලනය රට විනාශයට පත් කර තිබීම ප්‍රශ්නයක් මෙන්ම කනගාටුවට කරුණක් බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (13දා) මීරිගම මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජන බලවේගයේකාන්තා බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

“ජනාධිපතිවරණයේදී ගෝඨාභය දිනුවොත්ර ටට මෙහෙම වෙන බව අපි පැහැදිලිවම කිව්වා. සමහර මාධ්‍ය එකට එකතු වෙලා මේ රට විනාශ කළා. අපිට සජිත් බලයට ගෙනත් හොඳ රටක් හදන්න ඕන වුණා වගේම හැට නම ලක්ෂයට ඕන වුණෙත් හොඳ රටක් හදන්නයි. එහෙම වුණත් සමහර මාධ්‍ය වැඩ බැරි ටාසන් කෙනෙක් වීරයෙක් කලා.

අද වෙද්දී රටේ දුප්පත් මිනිහා පමණක් නොවෙයි යමක් කමක් කර ගත හැකි පුද්ගලයාත් අසරණ කරන්න සමත් වෙලා ඉවරයි.අපි බැන බැන ඉන්නවා. අපි කවද වෙනකන් බැන බැන ඉන්නද. පැය දෙක තුනෙන් පටන් අරන් පැය හත අට දැන් විදුලිය කපනවා. ඉදිරියේදී පැය විසිහතරමත් කපයි. 

අද පවතින මේ රාජපක්ෂ වියරුව ඉවර කරන්නට අපි එකාවන්ව එළියට බහිමු. රාජපක්ෂලා කියන්නේ මහකෙරුමෝ නොවෙයි. අපි නැගිටින කොට ඔවුන් දුවන එක දුවනවාමයි. ජනතාව මේ තරම් පාරට දාපු ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණෙත් නෑ අනාගතයේ ඇති වෙන්නෙත් නෑමයි.

රාජපක්ෂලා හිතන්නේ ඒ අයගේ දරුපවුල් කාලා බීලාහිටියොත් ඇති කියලා විතරයි. අද රටේ තියෙන තත්ත්වය පුරුෂයන්ටත්වඩා වැඩි පුරම තේරෙන්නෙ කාන්තා අපිටයි. ඒ නිසා කාන්තාවෝ අපි එකට එකතු වෙලා එළියට බහින්න ඕනෑ. ඒ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. 

රාජපක්ෂලා මේ රට සලකන්නේ ඔවුන්ගේ කොම්පැනියක් විදිහටයි. ලාභය එකතු කරගෙන ඔවුන්ගේ රටවලට යන්න සූදානම්ව ඉන්නවා. ඔවුනට මේ රට කොම්පැනියක් වුණාට මේක අපේ රට. අපි මේ රටේ ජීවත් වෙන්න ඕනේ, මැරෙන්න ඕන. 

අද රට කරවන්නේ අනුරාධපුරේ ඉන්න කාන්තාවක්. අපේ ප්‍රශ්න කියන්න ජනාධිපති හොයාගෙන ගියාම එතුමා එතුමගේ ප්‍රශ්න කියන්න ඒ කාන්තාව හොයාගෙන ගිහින් තිබුණා. කාලි මෑණියන්ගේ වරමින් රටේ අනාගතය තීරණය කරන්න කාන්තාවකට ඉඩ දීම හරිද.

අද ඇමතිකම් දෙන්නෙත් රටේ වැඩ කෙරෙන්නෙත්ඒ කාන්තාවට ඕන විදිහටයි.ඒ වගේම කට උල් කරගෙන ආවට ජනතා විමුක්ති පෙරමුණ ගැන බලාපොරොත්තු තියන්නත් එපා. ඒ අය දන්නෙ විවේචනය කරන්න විතරයි” යනුවෙන් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08