අද රට කරවන්නේ අනුරාධපුරේ ඉන්න කාන්තාවක් හිරුණිකා සියල්ල හෙලිකරයි

ඉදිරි වසර රටට මෙන්ම සමගි ජන බලවේගයටත් තීරණාත්මක බවත්,මෙම වසරේ රාජපක්ෂ පාලනයේ විනාශය ලියවුණත් රාජපක්ෂ පවුලේ පාලනය රට විනාශයට පත් කර තිබීම ප්‍රශ්නයක් මෙන්ම කනගාටුවට කරුණක් බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අද (13දා) මීරිගම මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජන බලවේගයේකාන්තා බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

“ජනාධිපතිවරණයේදී ගෝඨාභය දිනුවොත්ර ටට මෙහෙම වෙන බව අපි පැහැදිලිවම කිව්වා. සමහර මාධ්‍ය එකට එකතු වෙලා මේ රට විනාශ කළා. අපිට සජිත් බලයට ගෙනත් හොඳ රටක් හදන්න ඕන වුණා වගේම හැට නම ලක්ෂයට ඕන වුණෙත් හොඳ රටක් හදන්නයි. එහෙම වුණත් සමහර මාධ්‍ය වැඩ බැරි ටාසන් කෙනෙක් වීරයෙක් කලා.

අද වෙද්දී රටේ දුප්පත් මිනිහා පමණක් නොවෙයි යමක් කමක් කර ගත හැකි පුද්ගලයාත් අසරණ කරන්න සමත් වෙලා ඉවරයි.අපි බැන බැන ඉන්නවා. අපි කවද වෙනකන් බැන බැන ඉන්නද. පැය දෙක තුනෙන් පටන් අරන් පැය හත අට දැන් විදුලිය කපනවා. ඉදිරියේදී පැය විසිහතරමත් කපයි. 

අද පවතින මේ රාජපක්ෂ වියරුව ඉවර කරන්නට අපි එකාවන්ව එළියට බහිමු. රාජපක්ෂලා කියන්නේ මහකෙරුමෝ නොවෙයි. අපි නැගිටින කොට ඔවුන් දුවන එක දුවනවාමයි. ජනතාව මේ තරම් පාරට දාපු ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණෙත් නෑ අනාගතයේ ඇති වෙන්නෙත් නෑමයි.

රාජපක්ෂලා හිතන්නේ ඒ අයගේ දරුපවුල් කාලා බීලාහිටියොත් ඇති කියලා විතරයි. අද රටේ තියෙන තත්ත්වය පුරුෂයන්ටත්වඩා වැඩි පුරම තේරෙන්නෙ කාන්තා අපිටයි. ඒ නිසා කාන්තාවෝ අපි එකට එකතු වෙලා එළියට බහින්න ඕනෑ. ඒ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. 

රාජපක්ෂලා මේ රට සලකන්නේ ඔවුන්ගේ කොම්පැනියක් විදිහටයි. ලාභය එකතු කරගෙන ඔවුන්ගේ රටවලට යන්න සූදානම්ව ඉන්නවා. ඔවුනට මේ රට කොම්පැනියක් වුණාට මේක අපේ රට. අපි මේ රටේ ජීවත් වෙන්න ඕනේ, මැරෙන්න ඕන. 

අද රට කරවන්නේ අනුරාධපුරේ ඉන්න කාන්තාවක්. අපේ ප්‍රශ්න කියන්න ජනාධිපති හොයාගෙන ගියාම එතුමා එතුමගේ ප්‍රශ්න කියන්න ඒ කාන්තාව හොයාගෙන ගිහින් තිබුණා. කාලි මෑණියන්ගේ වරමින් රටේ අනාගතය තීරණය කරන්න කාන්තාවකට ඉඩ දීම හරිද.

අද ඇමතිකම් දෙන්නෙත් රටේ වැඩ කෙරෙන්නෙත්ඒ කාන්තාවට ඕන විදිහටයි.ඒ වගේම කට උල් කරගෙන ආවට ජනතා විමුක්ති පෙරමුණ ගැන බලාපොරොත්තු තියන්නත් එපා. ඒ අය දන්නෙ විවේචනය කරන්න විතරයි” යනුවෙන් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නයි බස්තමත් අරගෙන නුවර ඉදලා කොළඹට පා ගමනේ වඩින භික්ෂුව - දළඳා මාළිගාවෙදි පොලිසිය එක්ක පැටලෙයි
02:28
Video thumbnail
කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට නොගැනීමේ තීරණයක් - බිමල් සියල්ල හෙළිකරයි
03:45
Video thumbnail
අපිට පාන් කියා ගන්න බැරුව ඉන්නේ - හිතපු සුරංගනා ලෝකය ලැබුණේ නෑ..පාන් මිල වැඩිවීම ගැන ජනතාවගෙන් චෝදනා
04:13
Video thumbnail
තම ධෛර්යයෙන් නැඟී සිටි කවිඳු දෙමළ කථික තරගයෙන් සමස්ත ලංකාවෙන්ම දෙවන ස්ථානය
08:25
Video thumbnail
රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දවසින් දවස කඩා වැටෙනවා - ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවන්නේ
04:34
Video thumbnail
ගමකට කඩා වැදුණු වන අලි - මුළු ගමම බියවෙයි.."අනේ යන්න අප්පච්චි..යන්න..යන්න"
01:06
Video thumbnail
වාහන හතරක් එකට වැදී අනතුරක් - "බයික් එක වැදුණ ගමන් ත්‍රීවිල් එකත් පෙරලුණා"
02:16
Video thumbnail
"පාන් මිල වැඩි කරන්න කියලා අපිට ලොකු පෙෂර් එකක් ආවා"පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමයි
03:18
Video thumbnail
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ එක්දින වැඩ වර්ජනය - මෙන්න විශ්ව විද්‍යාල අසළ දර්ශන
02:06
Video thumbnail
විපක්ෂය බිල්ලෝ මවලා සමාජයට වැරදි අදහස් යවනවා - නැවතත් පා ගමනක් යන්න හදන්නේ ?
05:15