AFC Banner
Empty Ad
Empty Ad

අද මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගලයයේ අවසන් රන්දෝලි පෙරහර හේතුවෙන් මහනුවර නගරය අවට අද විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.

අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී 7.03ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ වී දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළට ගමන් කර මාලිගාවට ගෙවැදීමට නියමිතයි.

මේ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

අවසන් මහ රන්දෝලි පෙරහැරේ සධාතුක පෙරහර කරඬු වහන්සේ, වැඩමවීමට සූදානමින් සිටින්නේ කතරගම වාසනා හස්ති රාජයායි.

අප වාර්තාකරුවන් සඳහන් කළේ අවසන් මහ රන්දෝලි පෙරහර නැරඹීම වෙනුවෙන් දෙස් විදෙස් විශාල ජනකායකින් මේ වන විටත් පෙරහර මඟ පිරී අවසන් බවයි.

Media on 2023.08.30 at 1525 page 001
Media on 2023.08.30 at 1525 page 002
WhatsApp Image 2023 08 30 at 15.33.19
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?