අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීමට රජය තීරණය තිබෙනවා.
ඒ අනුව වරාය නැව් තොට, සෞඛ්‍ය අංශ අත්‍යවශ්‍ය ආහාර පාන බෙදාහැරීම් කෘෂිකාර්මික ද්‍රව්‍ය ප්‍රවාහනය යනාදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් සහ පෙට්‍රල් ලබාදෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.එළඹෙන 10 වනදා දක්වා කෙටිදුර සඳහා අවශ්‍යකරන පොදු ප්‍රවාහන සේවය ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ හරහා ලබාදීමට කටයුතු යොදා ඇත.
මෙම තාවකාලික තත්ත්වය අවබෝධ කරගෙන ඊට සහාය වන ලෙස යි බන්දුල ගුණවර්ධන පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




