දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බවද කාලගුණ නිවේදනයේ සඳහන්.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලද පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
2
+1
+1
+1
1
+1
1





