අද දිනයේ විදුලි කප්පාදුවක් නැහැ – නොරොච්චෝලේ විදුලියත් අද සිට ජාතික විදුලිබල පද්ධතියට

අද (22) දිනයේ දී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ලබන සතියේ සිට විදුලි කප්පාදුවක් සිදු නොකර සිටීමට උත්සාහ කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අක්‍රීයව පැවති නොරොච්චෝලේ බලාගාරය අද(22) සිට ජාතික පද්ධතියට එක් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
68
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?