අද (25) පස්වරුවේ දී අර්ධ සූර්යග්‍රහණයක් දැකගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකය සඳහන් කරනවා.
එම ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ යුරෝපය, උතුරු අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාවේ බටහිර ප්‍රදේශ බොහෝමයකට මෙම අර්ධ සූර්යග්‍රහණය දිස්වන බවයි.
ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශය මෙය ඉතා පැහැදිලිව දැකබලා ගත හැකි බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම වසරේ සිදුවන අවසන් සූර්යග්‍රහණය මෙය වන බවයි ඔහු පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5














