අද උදෑසන ලංකාවට ගෙනාව ලෑන්ඩ් කෲෂර් රථය ගෙනාවේ කවුද ? ඇත්ත නැත්ත මෙන්න

ටොයොටා ලෑන්ඩ් කෲෂර් 300 නවීනතම මෝටර් රථයක් අද උදෑසන හම්බන්තොට වරායෙන් මෙරටට රැගෙන එනු ලැබුවා.  තීරු බදු රහිතව රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති මේ මෝටර් රථය හම්බන්තොට වරාය පරිශ්‍රයට පැමිණි වහාම කාගෙත් අවධානය ඊට යොමු වූයේ රථවාහන ආනයනයට දැඩි සීමා පනවා ඇති පසුබිමක මේ රථය මෙරටට පැමිණියේ, කෙලෙස ද යන්න යි.

මේ වර්ගයේ මෝටර් රථයක්, සාමාන්‍ය තීරුබදු සහ ඊට අදාළ අනෙකුත් බදු එකතු වූ විට වටිනාකම රුපියල් කෝටි අටකට ආසන්න වනවා.  සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස සංසරණය වූ මේ ඡායාරූප පෙළ, නෙත ගැටුණු සැණින් ඒ පිළිබඳව ගැඹුරින් විමසා බලන්නට අප තීරණය කළේ ඊයේ (09) මුදල් අමාත්‍යවරයා මෙරට ආර්ථිකය වැටී ඇති දරුණු ප්‍රපාතය පිළිබඳවත් සිහියට නඟා ගනිමින්.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට වරායෙන් සහ ශ්‍රී ලංකා රේගුවෙන් සිදු කළ විමසීම්වලදී අප සැමගේ සිත් තුළ කුකුසක් මතු කළ පැනයට පිළිතුරු ලැබුණා.

ඒ අනුව, මේ නවීනතම ටොයොටා ලෑන්ඩ් කෲෂර් 300 වර්ගයේ මෝටර් රථය ආනයනය කර ඇත්තේ , තානාපති වරප්‍රසාද යටතේ අමරිකානු තානාපති කාර්යාලයට යි.  තානාපති කාර්යාලවලට නව රථවාහන ගෙන්වීම සඳහා කිසිදු බාධාවක් පැනවී නැහැ.  එමෙන්ම , රුපියල් කෝටි හය හමාරකට අධික අය විය යුතු බදු ද තානාපති කාර්යාල වෙත ආනයනය කරන රථවාහන වෙනුවෙන්, අය නොකෙරෙන්නෙ එයත් විශේෂ තානාපති වරප්‍රසාදයක් වන බැවිනුයි.  සමාජ මාධ්‍ය යේ ප්‍රශ්නාර්ථ නඟමින්, සංසරණය වූ ඡායාරූපයේ ඇත්ත කතාව මෙයයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ කරන්නේ විරුද්ධ පක්ෂයේ අය හිරේ දාන එක - ආණ්ඩුවට සැර හින්ට් එකක්
10:07
Video thumbnail
රාජිත සැරටම කිව්ව කතාව..රටේ මිනිස්සු ජීවත් වෙන්නේ දේශපාලනයෙන්
09:09
Video thumbnail
අනුර එළියෙදි කියන්නෙත් බොරු ඇතුළෙදි කියන්නෙත් බොරු - බය යටපත් කරන්න දැන් කාලය උදාවෙලා
13:39
Video thumbnail
කරන්න බැරිනම් කරුණාකරලා අස්වෙලා යන්න - මේක මහ විහිළුවක්නේ
04:18
Video thumbnail
විනිශ්චයකාරවරු දැන් බයවෙලා ඉන්නේ..මෛත්‍රී ගුණරත්නගෙන් සැර සත්තමක්
05:21
Video thumbnail
තමුසේ ඩොක්ටර් කෙනෙක්ද අයිසේ ?ප්‍රෙග්නට් කෙනෙක් තියාගෙන ඔහොම කරනවද ?ප්‍රමාදය යකා නැටුව පුද්ගලයා
01:53
Video thumbnail
අපේ අප්පෝ..මෙතන පරම්පරා තුනක් ඉන්නවා..දෙයියන්ගෙම පිහිටයි - ඩෙංගු බලන්න ගිය නිලධාරිනුත් පුදුම වුණ දේ
07:55
Video thumbnail
මාලිමාවට බලය හිමි උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති ඉල්ලා අස්වෙයි..දේශපාලන බලපෑම් නිසා
01:01
Video thumbnail
මේක ගාලු ජනතාවටම කරපු අවමානයක් - මේකද පුනරුද ආණ්ඩුව ගාල්ලට දෙන දායාදය..ලැජ්ජා වෙන්න ඕනි
05:07
Video thumbnail
උපන් ස්ථානය කියලා දාන්න වෙන්නේ මහමෝදර බන්ධනාගාරය - ගාල්ලට තව බන්ධනාගාර එපා
06:10