AFC Banner
AFC Banner
Empty Ad

අදානි ගැන කතා කරන යෝජනාවක් හෙට කැබිනට්ටුවට

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට වන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව තිබෙනවා.

එම යෝජනාව හෙට (06) රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි එහි ප්‍රකාශකයෙකු පැවසුවේ.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඩොලර් ශත 8.26කට ආසන්න මුදලක් ගෙවීමට එකඟ වී තිබුණා.

අදාළ එකඟතාව යළි සලකා බැලීම සඳහා මෙම කමිටුව පත්කරන බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?