UPDATE :-අදත් වෙඩි තැබීමක් – ගෙවුණු පැය 48දි වෙඩි තැබීම් 05ක් වාර්තා වෙයි

දෙහිවල අද (20) පෙරවරුවේ වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු පුද්ගලයා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

කඩවත – දෙහිවල මාර්ගයේ දීයි මෙම වෙඩි තැබීම සිදු කෙරුණේ.

එහිදී 45 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

එම පුද්ගලයායි; මෙලෙස මියගොස් ඇති බවට වාර්තා වන්නේ.

——————————————————————————————–

අද (20) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ දෙහිවල – කඩවත මාර්ගයේදීයි.

වෙඩි තැබීමෙන් 45 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් බවත් සැකකරුවන් පලා ගොස් ඇති බව ද වාර්තා වනවා.

මේ අතර ඊයේ (19) දිනයේ දී ගෙවුණු පැය 48ක කාලය තුළ සිදු වූ වෙඩි තැබීම් 04ක් වාර්තා වුණා.

එම වෙඩි තැබීම්වලින් දෙකක් පෙරේදා (18) රාත්‍රියේ දී සිදු වූ අතර දෙහිවල හෝටල් හිමිකරුවෙකු ද ඝාතනය කෙරුණා.

එමෙන්ම ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ මිදිගම දී ද ඊයේ පෙරවරුවේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කෙරුණු අතර තවත් වෙඩි තැබීම් තංගල්ලෙන් ද වාර්තා වුණා.

ඒවායෙන් ද පුද්ගලයින් දෙදෙනකු තුවාල ලැබූ අතර ගෙවුණු පැය 48ක කාලය තුළ මේ වනවිට අද සිදු වූ වෙඩි තැබීම සමග වෙඩි තැබීමේ සිදුවීම් 05ක් වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?