Indian Premier League

අදත් පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද වාර්තා වනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?