අත්හදාබැලීමක් ලෙස ගෑස් සංයුතියේ වෙනසක් කළා

පසුගිය ජූලි මාසයේදී ගෑස් සිලින්ඩර්වල සංයුතියේ වෙනසක් සිදු කර සාම්පල් සිලින්ඩර් කිහිපයක් වෙළෙඳ පොළට නිකුත් කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ කර්මාන්ත ශාලා කළමනාකරු අයි. විජේරත්න මහතා රූපවාහිනී සේවයකට පවසා තිබේ.

අදාළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළේ, පැවති සම්මත සංයුතියේ සැලකිය යුතු වෙනසක් එහිදී සිදු කළ බව ය.

එම අත්හදාබැලීම සාර්ථක නොවූ හෙයින් අදාළ සිලින්ඩර් වෙළෙඳ පොළෙන් ඉවත් කළ බව ද ඔහු පැවසීය.

මේ වන විට, වෙළෙඳ පොළේ පවතින ගෑස් සිලින්ඩර්වල සංයුතිය පැවති සම්මත අගයයන් අනුව ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?