අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් මාංචු සමඟ මහල් පහකින් බිමට පැන දිවිනසා ගනී

අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරුවෙක් කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පස්වන මහලින් අත්විලංගු සමඟ බිමට පැන මියගොස් ඇති බව කොටහේන පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 05, ශ්‍රී සිද්ධාර්ථ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් එක් හැවිරිදි පුද්ගලයෙක්.

මෙම සැකකරු ඉකුත් 29 වැනි දින වෙරලබඩ පොලිස්ථානය මඟින් හොරයින් මත්කුඩු  මිලිගෑම්  5010ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා  කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදී  තිබියදී තිබු අයෙක්.

සැකකරු  අත්විලංගු සහිතව මහල් නිවාස සංකීර්ණයේ පස්වන මහලේ කොරිඩෝව හරහා රැගෙන යමින් සිටියදී මෙලෙස බිමට පැන ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එහිදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
2
+1
4
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03