පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.
මෙලෙස වෙඩි තබා ඇත්තේ වැලි ප්‍රවාහනය කරමින් සිටි ටිපර් රථයකට බවයි වාර්තා වන්නේ.
පෙරේදා (07) මෙම සිදුවීම සිදු ව ඇත්තේ කිලිනොච්චිය – ධර්මපුරම් පොලිස් කොට්ඨාසයට අයත් කල්ලාර් ප්‍රදේශයේදීයි.
බලපත්‍ර රහිතව නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රාත්‍රී 9.30 ට පමණ, පුලියම්බොක්කනෙයි මංසන්ධියේ දී පොලිසිය මෙම ටිපර් රථය නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේවෙතත් ටිපර් රථය පොලිස් භාරයට ගැනුණ ද සැකකරු පලා ගොස් තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
1
+1
+1
+1
1





