Empty Ad
AFC Banner
Empty Ad

අඩු ආදායම්ලාභී පවුල්වලට හයියක් වෙන්න ජාත්‍යන්තරය සූදානමින්

මෙරට ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් වෙත රජයෙන් ලබාදෙන සහාය සඳහා සවියක් වීමට ජාත්‍යන්තරය සූදානම් බවට ප්‍රකාශ කර තිබෙනවා.

මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (22) දහවල් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්ච් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවේදියි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන,
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයන් එක් ව සිටි බවයි වාර්තා වන්නේ.

එම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති මෙම සාකච්ඡාවේ දී වැඩි වශයෙන් මෙරට වෙසෙන දිළිඳු ප්‍රජාව සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා.

රටේ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ සහ දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන්වලට ජාත්‍යන්තර සහයෝගය නොඅඩුව ලබාදෙන බව සහ ඊට අදාළ මැදිහත්වීම් ලබාදෙන බවයි මෙහිදී පැමිණ සිටි ජාත්‍යන්තර නියෝජිතයින් සඳහන් කළේ.

ග්‍රාම සංවර්ධන වැඩසටහන වෙනුවෙන් අවශ්‍ය අරමුදල් ලබාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සාර්ථක කර ගැනීම සඳහා හැකි සෑම විටම අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50

?