අඩු ආදායම්ලාභී පවුල්වලට හයියක් වෙන්න ජාත්‍යන්තරය සූදානමින්

මෙරට ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් වෙත රජයෙන් ලබාදෙන සහාය සඳහා සවියක් වීමට ජාත්‍යන්තරය සූදානම් බවට ප්‍රකාශ කර තිබෙනවා.

මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (22) දහවල් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රැන්ච් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවේදියි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන,
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයන් එක් ව සිටි බවයි වාර්තා වන්නේ.

එම අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති මෙම සාකච්ඡාවේ දී වැඩි වශයෙන් මෙරට වෙසෙන දිළිඳු ප්‍රජාව සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා.

රටේ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ සහ දිළිඳුකම තුරන් කිරීමේ වැඩසටහන්වලට ජාත්‍යන්තර සහයෝගය නොඅඩුව ලබාදෙන බව සහ ඊට අදාළ මැදිහත්වීම් ලබාදෙන බවයි මෙහිදී පැමිණ සිටි ජාත්‍යන්තර නියෝජිතයින් සඳහන් කළේ.

ග්‍රාම සංවර්ධන වැඩසටහන වෙනුවෙන් අවශ්‍ය අරමුදල් ලබාදීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සාර්ථක කර ගැනීම සඳහා හැකි සෑම විටම අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51