AFC Banner
AFC Banner
Empty Ad

අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ ගමන ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පැහැදිළි කිරීමක්

කටුනායක ගුවන් තොටුපළේදී පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට අපහසුතාවක් ඇති වන පරිදි කටයුතු කර ඇති බවට පැතිරෙන පුවත මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරනවා.

ඊයේ (31) දින පූජ්‍ය අජාන් බ්‍රහ්මවංශ හිමියන්, වෙනත් ගුවන් සේවාවකට අයත් ගුවන් යානයකින් මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබු අතර අදාළ ප්‍රමාදය සිදුවන අවස්ථාවේදී කඩිනමින් ඉදිරිපත් වී තම ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කිරීමට උන්වහන්සේට අවස්ථාව ලබාදුන් බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ.

එබැවින් මෙම සිදුවීම සිදු වන අවස්ථාව වනවිට අජාන් බ්‍රහ්මවංශ හිමියන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බැංකොක් වෙත හෝ වෙනත් ගමනාන්තයක් වෙත ගමන් කිරීමට නියමිතව නොසිටි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?