අච්චාරු සහ ආප්ප ආසියාවේ රසවත්ම ස්ට්‍රීට් ෆුඩ් අතරට

ආසියාවේ රසවත්ම වීථි ආහාර ( ස්ට්‍රීට් ෆුඩ්) 50 අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකාවේ අච්චාරු සහ ආප්ප සමත්ව තිබෙනවා.

දේශීය කුළු බඩු, මිරිස්, කහ, සීනි සහ ලුණු සමඟ පදම් කර ඇති දිව්‍ය රසයක් ඇති කලාපයෙන් කලාපයට සහ සෘතුවෙන් සෘතුවට වෙනස් වන ශ්‍රී ලංකා අච්චාරු කදිම වීදි ආහාරයක් බව සී.එන්.එන් පුවත් සේවය සඳහන් කළේ.

මෙම අච්චාරු වෙරළු, දිවුල්, අන්නාසි, ඇඹරැල්ලා, අඹ, කොස් හෝ වම්බටු විය හැකි බවයි එම පුවත් සේවය පෙන්වා දෙන්නේ.
එමෙන්ම ආප්ප උදෑසන ආහාරයක් ලෙස කදිම බවයි සී.එන්.එන් පුවත් සේවය සඳහන් කරන්නේ.

ප්ලේන් ආප්ප සහ බිත්තර ආප්ප සාමාන්‍යයෙන් චට්නි, පොල් සම්බල් සහ බොහෝ ව්‍යංජන වර්ග සමඟ ආහාරයට කදිම බවද සී.එන්.එන් පුවත් සේවය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?