Empty Ad
Empty Ad
AFC Banner

අකුණුසැර වැදී 11 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට

අකුණුසැර වැදීමෙන් පස්සර, අඹතැන්න ප්‍රදේශයේ වයස අවුරුදු 11ක දැරියක් අවාසනාවන්ත්ත ලෙස මියගොස් තිබෙනවා.

ඊයේ (31) දහවල් දැරිය මෙම අවාසනාවනත සිද්ධියට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම දැරිය සිය පියා සහ සහෝදරයා සමඟ නිවසේ පිටුපස අත්තිවාරම් කපමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අකුණු සැර වැදීමෙන් දැරියගේ සහෝදරයා ද පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

පස්සර පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?