ෆොන්සේකාගේ බෝම්බ නඩුවේ සාක්ෂි විභාග කෙරේ

2006 ජනවාරි 25 වනදා යුධ හමුදා මූලස්ථානයේ පිවිසුම් දොරටුව අසල දී එවකට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා ඝාතනය කිරීමේ අරමුණින් එල්.ටී.ටී.ඊ බෝම්බකාරියක වන දුර්ගා නැමැත්තිය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අධාර අනුබලදීම ඇතුළු චෝදනා 230ක් යටතේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යැයි කියන විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ පැවැත් වුණා.

එහිදී පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායකගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවක් සාක්ෂි ලබාදුන් අතර වැඩිදුර සාක්ෂි විභාගය හෙට (29) දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළා.

හෙට (29) දින විවෘත්ත අධිකරණය හමුවේ සාක්ෂිදීමට නියමිත සාක්ෂිකාරිය අසනීප තත්ත්වයෙන් ඇති බවට වාර්තා වී ඇති බැවින් ඇයගේ නිවසට වාහනයක් යවා හෝ ඇයව අනිවාර්යෙන්ම අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙසට විනිසුරුවරයා එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කර සිටියා.

සෙල්වරාසා කිරුබාකරන් හෙවත් මොරිස් ශම්මුගලිංගම් සූරියකුමාර් හා තම්බයියා ප්‍රකාශ් හෙවත් ධනුෂ් නැමැති එම විත්තිකරුවන් අද (28) දින අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

එකී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සරත් ෆොන්සේකා බරපතල තුවාල ලබා තිබූ අතර, ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සැරයන්වරයකු, කෝප්රල්වරුන් තිදෙනෙකු ඇතුළු යුධ හමුදා සෙබළුන් කිහිප දෙනෙකු මිය ගොස් තවත් භට පිරිසක් තුවාල ලබා තිබුණා.

විත්තිය වෙනුවෙන් නීතීඥ සුරංග බණ්ඩාර, අස්ථික දේවේන්ද්‍ර, ආනෝල්ඩ් ප්‍රියන්තන් ඇතුළු නීතීඥ මඬුල්ලක් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42