හොරෙන් මෙරටට ගෙනා දුම්වැටි තොගයක් රාජ සන්තක කෙරේ – සැකකරුට ලක්ෂ 02ක දඩයකුත්

නීතිවිරෝධීව මෙරටට සූක්ෂ්ම අයුරින් ගෙනා විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඒවා රට තුළට රහසිගත ව රැගෙන යාමට උත්සාහ කළ මගියෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (11) අලුයම මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ අලුයම 05.25ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී.- 822 දරන ගුවන් යානයෙන් බවයි වාර්තා වන්නේ.

සැකකරු ගෙන ආ විදේශීය දුම් වැටි තොගය වෙළෙඳපොළ වටිනාකමින් රුපියල් පනස් එක් ලක්ෂ හැට දහසක් වටින බව ද හෙළි ව තිබෙනවා.

සැකකරු එම දුම්වැටි ගුවන් තොටුපොළ හරිත මාවත ( Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කරමින් සිටියදියි රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි ගුවන් මගින් සිය ව්‍යාපාරික කටයුතු සිදු කරන පුද්ගලයෙක් බව ද හෙළි ව තිබෙනවා.

සැකකරු රැගෙන ආ ගමන් මළු තුළ “ප්ලැටිනම්” සහ “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 34,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 172 ක් සඟවා ගෙන සිටියදී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමි මහත්මිය ඇතුළු රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණයක් සිදු කර මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කර, මොහුට රුපියල් ලක්ෂ 02ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17