හේවාහැට සභාපතිකම අවුලක පැටලෙයි – සජබ මහලේකම්ගේ වචනයට පිටින් ගිහිං

සමගි ජන බලවේගය පක්ෂයේ හේවාහැට ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර අත්තනෝමතික ව සහ පක්ෂ ගිවිසුම්වලට එරෙහිව දේශපාලනික පත් කිරීම් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එනම්, සමගි ජන බලවේග පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ජුනි මස 18 (ඊයේ) දින නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයට ඇති කරගත් එකඟතා පරිදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ සභිකයෙකු ලෙස කටයුතු කරන හිමේෂ් තෙන්නකෝන් නමැත්තාව පත් කරන ලෙසයි.

ඊට අමතර ව එම සභාවේ උප සභාපති ධුරයට සමගි ජන බලවේගය පක්ෂයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභා සභික ආර්.එම්.කේ. රාජනායක මහතා ව පත් කිරීම සඳහා නාම යෝජනා කර ඇතැයි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් හේවාහැට ප්‍රධාන සංවිධායක අර්ල් ගුණසේකර මහතාට දන්වා තිබෙනවා.

නමුත් එකී පක්ෂ ප්‍රතිපත්තිවලට අනුගත නොවෙමින්, අර්ල් ගුණසේකර මහතා විසින් සමගි ජන බලවේගය පක්ෂයේ උප සභාපති ලෙස හේවාහැට ප්‍රාදේශීය සභාවේ පත් කිරීමට යැයි පක්ෂයෙන් ම දැනුම් දුන් ආර්. එම්. කේ. රාජනායක නමැත්තාව සභාපති ධුරයට පත් කර ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

මෙම අනීතික ව පක්ෂ නීතිරීති උල්ලංඝනය කරමින්, පක්ෂ මහලේකම් මෙන් ම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් ද උල්ලංඝනය කරමින් අදාළ පත් කිරීම සිදු කිරීමට ඇතැම් ප්‍රාදේශීය සභා සභිකයින්ගේ සහාය හේවාහැට ප්‍රධාන සංවිධායක අර්ල් ගුණසේකර ලබාගෙන ඇති බවට ද ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.

මෙවන් තත්ත්වයක් තුළ සමගි ජන බලවේගය පක්ෂය තුළ සහ එකී පක්ෂය වෙනුවෙන් හේවාහැට නියෝජනය කරන පිරිස් අතර අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

හේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත් කරගැනීමට පැවති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයට ඡන්ද 21ක් ද, මාලිමාවට ඡන්ද 19ක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 03ක් ද, ස්වාධීන කණ්ඩායම් වෙතින් එක් ඡන්දයක් ද හිමි වුණා.

හේවාහැට ප්‍රාදේශීය සභාවේ උප සභාපති ධුරය හිමි ව ඇත්තේ පියල් රණසිංහ හට යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46