AFC Banner
Empty Ad
Empty Ad

හේලිගේ මරණය ගැන පුළුල් පරීක්ෂණයක්

දෙහිවල සත්වෝද්‍යානයේ හේලි නමැති ජිරාෆ් ගැහැණු සත්ත්වයා හදිසියේ මිය ගොස් තිබෙනවා.

එම සත්ත්වයාගේ ඉදිරි පාදයේ ඇතිව තිබු ආබාධයකට ප්‍රතිකාර කිරීමට නිර්වින්දනය කළ අවස්ථාවේ සත්ත්වයා මියගොස් තිබුණා.

එම මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු මහත්මිය පවසනවා.

1993 වසරේදී දෙහිවල සත්වෝද්‍යානය තුලදීම බිහි වු හේලි නම් ජිරාෆ් ගැහැණු සත්වයාගේ ඉදිරි පාදයේ ආබාධයක් තත්ත්වයක් හටගෙන තිබුණේ දින කිහිපයකට පෙරයි.

සත්ව පාලකයන් විසින් ඒ පිලිබඳව දැනුම්දීමෙන් අනතුරුව පසුගිය 06 වැනිදා සත්වෝද්‍යානයේ පශූ වෛද්‍යවරුන් විසින් හේලිව නිර්වින්දනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව යළි සිහි නොලැබූ හේලි ඊයේ මියගිය බව සත්වෝද්‍යාන සේවකයින් පවසනවා.

පරිසරවේදීන් චෝදනා කරන්නේ මෙවැනි සතුන්ට ප්‍රතිකාර කිරීමේදී නිසි වෘත්තීය ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?