හෙට සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා

ඉල්ලීම් පහක් මුල් කරගනිමින් හෙට (22) සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පැවැසුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් දහවල් 12 ට මෙම උද්ඝෝෂණය ආරම්භ කරන බවය.
එම වේලාවටම සියලුම රෝහල් ඉදිරිපිට මෙම විරෝධතා පැවැත්වෙන බවද උන්වහන්සේ කීහ.

මෙම උද්ඝෝෂණ මාලාවෙන් පසුවද තම ඉල්ලීම්වලට නිසි පිළිතුරක් රජයෙන් ලබා නොදෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වීමට දෙවරක් නොසිතන බවද උන්වහන්සේ කියා සිටියහ.

සුගතානන්ද හිමියන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවකයන්ගේ ප‍්‍රවාහන ගැටලු, සියලු සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් අවදානම් දීමනාව නැවත ලබාදීම, සේවක හිඟයට පිළියම් ලබාදීම, අග්‍රහාර දීමනාව ලබාදීම සහ දින 180 සම්පූර්ණ කළ ආදේශක සේවකයන් ස්ථිර කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් මෙම විරෝධතාව පවත්වනු ලබන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20