හෙට දක්වා වලංගු වන අවවාදාත්මක නිවේදනයක්

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය මන්නාරම හරහා මීගමුව දක්වා සහ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55-65 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (24) පස්වරු 02.00 දක්වා වලංගු වන පරිදි අවවාදාත්මක නිවේදනයක නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පෙන්වා දෙනවා

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0 – 2.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයේ සඳහන් වුණේ.

එබැවින් එම මුහුදු ප්‍රදේශ වල සිය කටයුතු වල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.