හිටපු ජනපති රනිල්ගේ නඩුව අද – රනිල් උසාවි පැමිණීම අවිනිශ්චිතයි

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව අද (26) දිනයේ යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ යි.

මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමේ හැකියාව අවිනිශ්චිත බවයි වාර්තා වුණේ.

හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණයට පත්කළ විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඊයේ (25) පස්වරුවේ වෛද්‍ය වාර්තාවක් නිකුත් කළා.

එම වෛද්‍ය වාර්තාවට අනුව ඔහුට තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය බවයි නිර්දේශ කර ඇත්තේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය පසුගිය 22 වනදා නියෝග කළා.

එම නියෝගය රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණ කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුව බන්ධනාගාර රෝහල යොමු කිරීමට නිර්දේශ කෙරුණා.

අදාළ නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සෙනසුරාදා පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී ඔහුට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා නිර්දේශ කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15