හලාවත මුහුදු තීරයට පැමිණි දැවැන්තයෙක් නිසා ජනතාව භීතියෙන්

හලාවත බරුදැල්පොළ මුහුදු තීරයේ දින කීපයක සිට සැරිසරන දැවැන්ත කිඹුලකු නිසා එම ප‍්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර කටයුතුවල නිරත වීමේදී දැඩි අවදානම් තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බව වාර්තා වනවා.

අඩි පහළොවක් පමණ දිගින් යුත් මෙම දැවැන්ත කිඹුලා දින කීපයක සිට මෙම මුහුදු තීරයේ සැරිසරන බව ධීවරයන් පවසන්නේ.

මීට සතියකට පමණ පෙර ධීවර කටයුතුවල නිරත වන අවස්ථාවේ දැලකට මෙම කිඹුලා හසුවීමෙන් පසු වනජීවී නිලධාරීන්ට දැනුම්දීමට කටයුතු කළ බවත්, වනජීවී නිලධාරීන් ඒ ගැන අවධානයක් යොමු නොකිරීම නිසා නැවත මුදාහැරිය බවද ධීවරයන් කියා සිටිනවා.

කෙසේ වෙතත් කිඹුලා වෙරළ තීරයට නිරන්තරයෙන් පැමිණෙන බවත්, එම අවස්ථාවේ ධීවර ජනතාව වනජීවී නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබා දුන්නද ප‍්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් පැමිණිය නොහැකි බව ඔවුන් පවසන බවද ධීවරයන් වෝදනා කර සිටිනවා.

රාත‍්‍රී කාලයේ මෙම කිඹුලා වෙරළ තීරයට පැමිණෙන බවත්, තෙප්පන් රැකියාවේ නිරත වන ධීවරයන් උදෑසන ධීවර කටයුතුවලට පිටත්ව යෑම දැන් ගැටලූ සහගත තත්ත්වයක් වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

මෙම වෙරළේ කුඩා ළමුන් නිරන්තරයෙන් ගැවසෙන අතර බොහෝ දෙනෙක් දිය නෑමට පැමිණෙති. විදේශීය හෝටල් කිහිපයක් ද පිහිටා ඇති මෙම වෙරළ තීරයේ විදේශිකයන් මෙම මුහුදු තීරයේ දිය නෑමට බිය වේ. මේ හේතුවෙන් එම හෝටල්වල රැඳී සිටින ඇතැම් විදේශිකයන් වෙනත් ප‍්‍රදේශවල හෝටල්වලට යෑමට කටයුතු කළ බවද හෝටල් හිමිකරුවන් පැවසුවේ.

පවතින අවදානම් තත්ත්වය මත ධීවර කටයුතු පවත්වා ගැනීම ගැටලූවක් බවත්, කඩිනමින් මෙම කිඹුලා අල්ලාගෙන වෙනත් ප‍්‍රදේශයකට මුදාහැරීමට කටයුතු කරන මෙන් ප‍්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13