හොර අංක තහඩුවක් ගහගෙන මෝටර් සයිකල් පැද්ද පොහොට්ටුවේ පුංචි මන්ත්‍රී අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩුවක් සවිකරන ලද යතුරුපැදියකින් ගමන් කරමින් සිටි හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්
මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) පස්වරුවේ මාදම්පේ නගරයේ දී මෙම පුදගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්.

මෙම පුද්ගලයා හලාවත, ජයබිම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහු ගමන් කළ යතුරුපැදිය මාදම්පේ පොලීසියේ
රථ වාහන අංශයේ නිලධාරීන් විසින් මාදම්පේ නගරයේ දී පරීක්ෂා කර තිබෙනවා.

එහිදී තහවුරු වී ඇත්තේ එම යතුරුපැදියකට සවි කර ඇත්තේ ව්‍යාජ අංක තහඩුවක් බවයි.

අනතුරුව අදාළ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03