අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි තේමාව ඔස්සේ ආණ්ඩුව විසින් සංවිධානය කරන ජන රැළි මාලාවේ ගොවි රැළියක් අද (12) පැවැත් වෙනවා.
පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේ දී මෙම රැළිය පැවැත් වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
පස්වරු 4.00ට මෙම රැළිය ආරම්භවීමටයි නියමිතව ඇත්තේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් සංවිධානය කරන. අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි ජනරැළි මාලාව පසුගිය සතියේ 06 වනදා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා.
එහි පළමු රැළිය බුලත්සිංහල දී පැවති අතර, දෙවැනි රැළිය පැවැත්වුණේ බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේ දීයි.













