හරීන් ප්‍රකාශයක් ලබාදීමට CID වෙත එයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

එම කැඳවීමට ප්‍රතිචාර වශයෙන් අද (22) පෙරවරු 10ට පමණ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ නිශ්චිත හේතුවක් දන්වා නොමැති වුව ද, බොහෝ විට පසුගියදා ආන්දෝලනයකට තුඩු දුන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමේ ක්‍රියාපටිපාටියේ දී ඊට කැබිනට් මණ්ඩල අමාත්‍යවරු වශයෙන් අනුමැතිය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශනයට අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවන්නට ඇතැයි සිතන බව ද හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

පසුගියදා හිටපු අමාත්‍යවරයා ව බදුල්ල පොලිසියෙන් අත් අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ද ඉදිරිපත් කෙරුණේ; මැතිවරණ කාල සීමාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොදු ස්ථානයක කලහකාරී අයුරින් හැසිරීමට එරෙහිවයි.

කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයාව එදින ම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරුණා.

මෙවර හරීන් ප්‍රනාන්දු මහතා ගෑස් සිලින්ඩරයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වුණ ද ඔහු පරාජයට පත් වුණේ වසර 04ක කාලයකට පාර්ලිමේන්තුවේ දොරටුව වසා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46