spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හයිටියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හයිටි රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එරට අගනුවර වන පෝට් ඕ ප්‍රින්ස් ප්‍රදේශයේ වීථිවල අවිගත් කණ්ඩායම් ප්‍රචණ්ඩව හැසිරෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ හයිටි රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් සේවය කරන සමාගම් සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ වී සිටින බවයි.

මෙම තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බවද එම නිවේදනය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

එමෙන්ම අදාළ ශ්‍රී ලාංකිකයන් නොසන්සුන්තාව පවතින ප්‍රදේශවලට ඈතින් වාසය කරන බවද එම සමාගම් තහවුරු කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?